ක්‍රීඩා

ඉන්දු – පාකිස්තානු තරගය නැවතත් අද

Published

on

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා රාත්‍රී 8.30 ට තරගය අත්හිටුවීය.

තරගය නැවත අද (11) පස්වරු 3.00 ට  ආරම්භ වීමට නියමිතය.

වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය පිල පන්දුවාර 24.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් රැස්කර සිටියේය.

ඉන්දීයව (පන්දුවාර 24.1 කදී) 147/2

(රෝහිත් ශර්මා 56, සුබ්මන් ගිල් 58, විරාට් කෝලි නොදැවී 08, කේ. එල්. රාහුල් නොදැවී 17)

ෆකාර් සමාන් ප්‍ර‌ේක්ෂකයින්ගෙන් ලකුණු දාගනියි

මේ අතර, ඊයේ (10) තරගයට වර්ෂාවෙන් බාධා වන අවස්ථාවේ ක්‍රීඩාංගණය ආවරණය කිරීමට ක්‍රීඩාංගණයේ සේවකයන් යුහුසුලුව කටයුතු කරද්දී, පාකිස්තාන ක්‍රීඩක ෆකාර් සමාන් ද ඔවුන් සමඟ එක්වෙමින් පිටිය වැසීමට උපකාර කිරීම ප්‍ර‌ේක්ෂක අවධානය දිනා ගැනීමට මෙන්ම ඇගයීමට ද ලක්වීම විශ‌ේෂිතය.

Trending

Exit mobile version