Connect with us

ක්‍රීඩා

එක්දින සංචිතයෙන් භානුක නිදහස් කරයි

Published

on

එළඹෙන ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන සංචිතයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක භානුක රාජපක්ෂ නිදහස් කර තිබේ.

භානුක විසින් සිදුකර තිබූ ඉල්ලීමක් අනුව ඔහුව නිදහස් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

මීට පෙර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් භානුක ද පවසා තිබුණේ එක්දින සංචිතයෙන් ඉවත්වීමට තමා තීරණය කළ බවත්, එම ඉල්ලීම පිළිගැනීම හා තමාට සහය දීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය ස්තූතිය පිරිනමන බවත්ය.

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම් ගැන අධිකරණයේදී සමථයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇතිවිය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි. 

Continue Reading

ක්‍රීඩා

IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

Published

on

By

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) පැවැත්වීමට නියමිතය.

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරය.

තරගය අහමදාබාද්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතය.

දෙවන වරට ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට පංජාබ් කිංග්ස් පිල සමත්ව තිබේ.

ඔවුන් පළමු වරට 2014 වසරේ අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබීමට සමත් වුවත් කොල්කටා නයිට්රයිඩර්ස් පිල හමුවේ පරාජයට පත්වුණි.

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම 2009, 2011 හා 2016 යන වසරවල දී ඉන්දීය ප්‍රිමියර්ලීග් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුව ද ඔවුන්ට ශූරතාවය හිමිකර ගැනීමට නොහැකි වුණි.

Continue Reading

ක්‍රීඩා

ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේ හා ඉන්දියාවේදී

Published

on

By

මේ වසරේ ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන දින හා ක්‍රීඩාංගන ප්‍රකාශයට පත් කර තිබේ.

13 වරටත් පැවැත්වෙන මෙම එක්දින ජාත්‍යන්තර තරගාවලියට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා පාකිස්තානය යන රටවල් 08ක් එක්වේ.

සැප්තැම්බර් 30දා – නොවැම්බර් 02දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය, ඉන්දියාවේ හා ලංකාවේ ක්‍රීඩාංගන 05ක පැවැත්වෙනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. එම ක්‍රීඩාංගන වන්නේ බෙංගාලූරූ හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගනය, ගුහාවතී හි ACA ක්‍රීඩාංගනය, ඉන්දෝර් හි හොල්කාර් ක්‍රීඩාංගනය, විශාඛාපට්නම් හි ACA-VDCA ක්‍රීඩාංගනය හා කොළඔ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයයි.

සමාරම්භක තරගය සැප්තැම්බර් 30දා බෙංගාලූරූ හි දී පැවැත්වීමට නියමිත අතර, පළමු අර්ධ අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 29දා ගුහාවතී හිදී හෝ කොළඹ දී පැවැත්වෙනු ඇත. දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 30දා බෙංගාලූරූ හි දී පැවැත්වීමට නියමිතය.

මෙහි අවසන් මහා තරගය නොවැම්බර් 02දා බෙංගාලූරූ හි දී හෝ කොළඹදී පැවැත්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved