ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට ජය

Published

on

වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අද (29) පැවති තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 12ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කෙසේ නමුත් සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයේ අවසන් ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය හිමි වූ හෙයින් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ ස්කොට්ලන්තයට එරෙහි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර නොදමන්න, අද තරගයේ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකාවට පහසුවෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ හැකියාවක් තිබුණි.

ඒ අනුව එම කාණ්ඩයෙන් ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

එමෙන්ම සුපිරි 6 වටයේ දෙවන කොටසින් දකුණු අප්‍රිකාව හා එංගලන්තය අවසන් පූර්ව යටයට පිවිසියේය.

මැලේසියාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ අද තරගය බංගිහිදි පැවති අතර, එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 99ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් ලකුණු 100ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී ලකුණු 8ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 87ක් පමණි.

Trending

Exit mobile version