Connect with us

ක්‍රීඩා

ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා අරමුදලට කෝටි 12ක්

Published

on

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වූ ප්‍රවේශ පත්‍ර අළෙවියන් ලද රුපියල් මිලියන 120 ක් හෙවත් කෝටි 12 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නොවැම්බර් 03 වැනිදා පියවර ගනු ලැබීය.

ඒ, ඉහත සංචාරයේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන මුදල් ද ජාතික ක්‍රීඩා අරමුදල වෙනුවෙන් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලබා දී තිබුණි පොරොන්දුවක් අනුවයි.

ඉකුත් ජූලි සහ ජුනි මාසයන්හිදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ ටෙස්ට් තරග 2 කට සහභාගිවිය.

මෙම මුදල් පරිත්‍යාගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලේ මූල්‍ය තත්ත්වය තර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක මුදලක්ද, බර්මිංහැම්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා තරගාවලියට සහභාගිවුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 225 ක මුදලක්ද සහ ඉකුත්දා ආසියානු දැල් පන්දු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල් පන්දු ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 2 බැගින් මුදල් ප්‍රදානය කිරීමට පියවර ගනු ලැබීය.

ක්‍රීඩා

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමට අලුත් හිමිකරුවෙක්

Published

on

By

එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් නිවේදනය කරයි.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් ඊයේ (22) කටයුතු කළ අතර, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.

LPL තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බව සඳහන් වේ.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි  31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

සබැඳි පුවත්:

Continue Reading

ක්‍රීඩා

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් අත්හිටුවයි

Published

on

By

එළඹෙන LPL තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ප්‍රිමියර් ලීග් නිවේදනය කරයි.

LPL සංවිධායක කමිටුවේ සභාපති අනිල් මොහාන් මහතා පවසා ඇත්තේ  LPL තරගාවලියේ විනිවිදභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බවය. 

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ Imperial Sports Group ප්‍රධාන විධායක නිලධාරී තමීම් රහමාන් මුහුණදී ඇති නීතිමය කරුණු සලකාබලා ඉහත තීරණය ගත් බවයි.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි  31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියම කළේය.

Continue Reading

ක්‍රීඩා

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

Published

on

By

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved