Connect with us

ක්‍රීඩා

කාන්තා පිල නවසීලන්තය පරදා තරගාවලිය ජය ගනියි

Published

on

සත්කාරක ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති තෙවැනි සහ අවසන් 20-20 කාන්තා තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා පිල ලකුණු 141 ක ජයග්‍රාහි ඉලක්කය, පන්දුවාර 14.3 කදී කිසිවකු නොදැවී රැස්කිරීමට සමත් වීම විශේෂත්වයකි.

එහිදී චමරි අතපත්තු පන්දු 47 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 80 ක් රැස්කිරීමට සමත් වූවාය.

හර්ෂිතා මාධවී පන්දු 40 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 49 ක් රැස් කළාය.

කෙසේ වෙතත් නවසීලන්තය මෙම තරගාවලියේ පළමු තරග දෙක ජය ලැබීම නිසා 2-1 ක් ලෙස තරගාවලිය ජය ලැබීය.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ට 140 (සුසී බාටිස් 37, සොපී ඩෙවිනේ 46, සුගන්දිකා කුමාරි 23/2, ඉනෝකා රණවීර 15/3) 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පන්දුවාර 14.3 කදී කිසිවකු නොදැවී 143 (හර්ෂිතා මාධවී නොදැවී 49, චමරි අතපත්තු නොදැවී 80)

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved