ක්‍රීඩා

ජස්වර්ගේ කෙළි හෙළිවෙයි; මිලියන 12ක බෝල ආගිය අතක් නෑ

Published

on

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් මහතාගේ කාලයේදී පාපන්දු මිළදී ගැනීම සඳහා ලබා ගත් මිලියන 12 කට හා එසේ මිළදී ගත්තා යැයි කියන පාපන්දු වලට සිදු වූ දෙයක් මෙතෙක් සොයාගැනීමට නොහැකිව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙම මුදල ලබා ගෙන ඇත්තේ 2022 පෙබරවාරි මාසයේදීය.

මීට අමතරව 2022 වසර තුළ රුපියල්  එක් කෝටි හතලිස් ලක්ෂයක් දක්වා කරන ලද වියදම් සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබාගෙන නොමැති බව වාර්තා වේ.

මේ අතර බිල් නොමැති වියදම් ලක්ෂ 12 ක් ඇති බවත් ඒ අතර එහි සේවිකාවක් මගින් ජස්වර් ලබා ගත් තුන් ලක්ෂ පනස් දාහක මුදලක්ද ඇති බව අනාවරණය වී ඇත.

Trending

Exit mobile version