Connect with us

ක්‍රීඩා

දෙවැනි පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

අයර්ලන්ත කණ්ඩායම ලකුණු 41කින් පරාජය කර දෙවැනි පුහුණු තරගය පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31) ඇමරිකාවේ ලෝඩර්හිල්හිදී සමත් විය.

මෙහි පළමුවෙන් පන්දුවට පහරදී ශ්‍රී ලංකාවට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 164ක් පමණක් වන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට එම ඉලක්කය සම්පූර්ණ කිරීමට නොහැකි විය.

අයර්ලන්තය ලකුණු 122කට සියලුමදෙනා දැවී ගියේය.

බිඳවැටුණු අයර්ලන්ත ඉනිමේ ඉහළම ඉනිම කර්ටියස් කැම්පර් වාර්තා කරද්දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක සුපිරි පන්දු යැවීමක නිතර විය.

පන්දුවාර 3.2 පමණක් යොමුකළ දසුන් අයර්ලන්ත ඉනිමේ කඩුලු 04ක්ම දවාගැනීමට සමත් විය.

ඒ වෙනුවෙන් ඔහු ලබාදුන්නේ ලකුණු 23ක් පමණි.

දසුන්ට අමතරව මහීෂ් තීක්ෂණ (2/14), වනිඳු හසරංග (2/40), මතීෂ පතිරණ (1/13) හා දුෂ්මන්ත චමීර (1/19) කඩුලු දවාලමින් දක්ෂතා දැක්වූහ.

මේ සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ පුහුණු තරග දෙකම අවසන් විය.

ඉන් ඔවුන් ක්‍රීඩාකළ පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ ලකුණු 20කින් පරාජය විය.

ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සිය පළමු තරගය ජූනි මස 03වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් එදින රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved