ක්‍රීඩා

ධර්මසේන – මඩුගල්ලේ ෆයිනල් යයි 

Published

on

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ශ්‍රී ලංකාව ඉවතට ගියත් 13 වැනිදා පැවැත්වෙන අවසන් තරගයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු තරග තීරක හා විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි. 

තරග තීරක ලෙස රංජන් මඩුගල්ලේ ක්‍රියා කරන අතර එරාමුස් සමග කුමාර ධර්මසේන විනිසුරුවරයකු ලෙස කටයුතු කරයි.

රංජන් මඩුගල්ලේ මේ වන විට අයිසීසී තරග තීරක මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම තරග තීරකයා වන අතර ඔහු මීට පෙර ලෝක කුසලාන අවසන් තරග 4  ක හා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරග  

4 ක තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබේ. 

කුමාර ධර්මසේනද අයිසීසී ප්‍රමුඛ ශ්‍රේණියේ විනිසුරුවරයකු වන අතර මේ දක්වා ලෝක කුසලාන අවසන් තරග 2  ක හා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරග 3 ක විනිසුරු ලෙස කටයුතු කර තිබේ. 

ඒ අනුව මෙය රංජන් මඩුගල්ලේගේ 5 වැනි හා කුමාර ධර්මසේනගේ සිව් වැනි විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගය වේ.

Trending

Exit mobile version