තායිලන්තයේ බැංකොක් හි පැවැත්වෙන 25 වැනි ආසියානු ශූරතා මලල ක්රීඩා තරගාවලියේ පළමු දිනයේදීම පදක්කම් දෙකක් හිමිකරගැනීමට ශ්රී ලංකාව සමත් වී තිබේ.
මෙහිදී නදීෂා දිල්හානි ලේකම්ගේ, හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ මීටර 60.93 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගත්තේ ශ්රී ලංකා වාර්තාවක් ද තබමිනි.
තවද, මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ දී මිනිත්තු 4:14:39 කාලයකදී ලෝකඩ පදක්කම දිනාගැනීමට ගයන්තිකා අබේරත්න සමත් විය.