පන්දුව හිසේ වැදීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් හට, ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
අසිත ප්‍රනාන්දු යැවූ බවුන්සර් පන්දුවක්, පන්දුවට පහරදෙමින් සිටි සෆ්රාස් ගේ හිසේ පසුපස වැදුණු අතර ඉන් මොහොතකට පසු වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා ඔහු පිටියෙන් ඉවත් විය.
පසුව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් කළ ඉල්ලීමට අනුව ඔහු වෙනුවට මොහොමඩ් රිස්වාන් “Concussion Sub” ලෙස මෙම තරගයට යෙදවීමට තරග තීරක ඩේවිඩ් බූන් එකඟ වී තිබේ.
ඒ අනුව මොහොමඩ් රිස්වාන්ට මෙම තරගයේ ඉතිරි දින දෙකේදී පාකිස්තානය වෙනුවෙන් කඩුලු රැකීමට සහ පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවෙයි.