2024 බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම ඊයේ (07) සමත් විය.
78 වැනි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පල්ලෙකැලේ පැවති දෙවන අදියරේ තරගය ලකුණු 25 – 23ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ත්‍රිත්ව විදුහල මෙම ජය වාර්තා කළේය.
මෙවර බ්‍රැඩ්බි පළිහ පළමු අදියරත් ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර අදියර දෙකේම සමස්ත ලකුණු ප්‍රමාණයට අනුව 42 – 39ක් ලෙස මෙවර බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත්විය.