ක්‍රීඩා

බ්‍රැඩ්බි පළිහ පිට පිටම පස්වැනි වරටත් රාජකීයන්ට

Published

on

‘බ්‍රැඩ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ 77 වැනි තරගයේ දෙවැනි අදියර යටතේ අද (05) පැවැති තරගයෙන් ලකුණු 27-17ක් ලෙස ත්‍රිත්ව විදුහල පරදා රාජකීය විදුහල තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.

පසුගිවර ශූරයින් වූ රාජකීයයන් බ්‍රැඩ්බි පලිහ දිනූ 36 වැනි අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ පාසල් රග්බි තරග අතර ප්‍රධානතම තරගයක් වන මේ තරගය අදියර දෙකකින් සමන්විතය.

මෙහි මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු 13-10 ක් ලෙස තරගය ජය ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

අදියර දෙකම අවසානයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන කණ්ඩායමට බ්‍රැඩ්බි පලිහ හිමි වේ.

ඒ අනුව එහි දෙවැනි අදියර අද පැවැත්වුණේ, කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී.

අද තරගයේ පළමු අර්ධයේදී ලකුණු 17- 10ක් ලෙස රාජකීය විද්‍යාලීය කණ්ඩායම ඉදිරියෙන් සිටියේ ය.

එම අර්ධයේදී ත්‍රිත්ව විදුහල් කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 10 ක් පමණි.

දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුම් 2ක් සමගින් රාජකීය කණ්ඩායම තවත් ලකුණු 10ක් රැස් කළේය.

එහිදී ත්‍රිත්ව ක්‍රීඩකයන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 7ක් පමණි.

ඒ අනුව තරගයේ දෙවැනි අදියර ලකුණු 27ට 17ක් ලෙස කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම ජය ගත්තේ ය.

ජයග්‍රාහී රාජකීයයන්  වෙනුවෙන් එක් ගෝලයක් සහ  උත්සාහක දිනුම් 5ක් ඇතුළත් විය.

ඒ අනුව ලකුණු 37-30ක් ලෙස තරගය ජයගත් රාජකීය විදුහල් කණ්ඩායම බ්‍රැඩ්බි පලිහ අකණ්ඩව ජය ගත් පස්වැනි අවස්ථාව මෙයයි.

Trending

Exit mobile version