Connect with us

ක්‍රීඩා

‘බී’ කාණ්ඩයේ අපරාජිතයන් අද තීන්දු වෙයි; වනිදු වාර්තාවක් අභියස

Published

on

මේ දිනවල සිම්බාබ්වේ හි පැවැත්වෙන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ  ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වෙන මීළඟ තරගය ස්කොට්ලන්තය සමග අද (26 ) දහවල් 12.30ට පැවැත් වේ.

‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව්වැනි තරගය මෙය වේ.

මේ දක්වා සහභාගි වූ තරග තුනම ජයගෙන අපරාජිතව සිටින ශ්‍රී ලංකාව අද තරගයට පිවිසෙන්නේනේබී’ කාණ්ඩයේ පෙරමුණේ සිටිමින්ය.

පැවැති තරග තුනේදීම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට ද සහභාගි වීමට නියමිත බව ඒරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර ස්කොට්ලන්තය ද අද තරගයට අපරාජිතව සහභාගි වීම කැපී පෙනෙන කාරණයකි.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුපිරි කණ්ඩායම් හය වටයට සුදුසකම් ලබා සිටී.

එම වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය මේ මස 30 වැනිදා නෙදර්ලන්තය සමගින් පැවැත් වේ.

එම වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය ජුලි 2 වැනිදා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන වේ.

ඒහි තෙවැනි තරගය ජුලි මස 7 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වීට ‌නියමිතය.

එම සෑම තරගයක්ම ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට පැවැත්වෙනු ඇත.

පැවැති තරග තුනේදීම කඩුලු පහ බැගින් වාර්තා කළ වනිඳු හසරංග අද තරගයේදීද කඩුලු පහක් වාර්තා කළහොත් එම දක්ෂතාවය දැක්වූ ලොව පළමු පන්දු යවන්නා බවට ඔහු පත්වනු ඇත.

ක්‍රීඩා

වනිඳුට පළමු තරගය අහිමි වෙයිද?

Published

on

By

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

Continue Reading

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved