ලෝක රග්බි කවුන්සිලය , ශ්‍රී ලංකා රග්බි සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙන බව, අද (04) ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති “කයිස් අල් දලායි” මේ බව තහවුරු කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ කයිස් අල් දලායි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඩුබායි හීදී හමුවූ අවස්ථාවේදීයි.
ලෝක රග්බි කවුන්සිලය විසින් , ශ්‍රී ලංකා රග්බි සඳහා පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර ඉවත් කළ බවත් , එය නිල වශයෙන් ප්‍රකාශය කිරීමට නියමිත බවත් ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිවරයා , ක්‍රීඩා අමාත්‍යවරයාට වෙත පවසා තිබේ.