ක්‍රීඩා

රග්බි ස්ථාවර කමිටුව අවලංගුයි

Published

on

ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අතර ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි වී ඇති හා ලියාපදිංචි කිරීමට ඇති ක්‍රීඩාවන්ට අදාළව ජාත්‍යන්තර සහ දේශීය ක්‍රීඩා සංගම් හෝ සම්මේලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධීකරණය සඳහා කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව ලෙස හඳුන්වන එම කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරියේදී සාමාජිකයින් පත්කිරීමට නියමිතය.

Trending

Exit mobile version