ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දඹුල්ලේදී අද (09) පැවැත් වේ.
රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය ප.ව. 7ට ආරම්භවීමට නියමිතව ඇත.
දෙරට අතර මෙතෙක් තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 5ක ජය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්ව සිටී.
අවසන්වරට පැවැත්වූ තරගාවලි 4ම ජයගෙන ඇත්තේ නවසීලන්තයයි.
ශ්‍රී ලංකාවට මේ දක්වා ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගාවලියක් පමණක් වන අතර, තරගාවලි තුනක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.
එමෙන්ම මෙය දෙරට අතර පැවැත්වෙන්නේ 24වැනි විස්සයි20 ජාත්‍යන්තර තරගය මෙයයි.
මේ දක්වා පැවති තරග අතරින් තරග 7ක් ශ්‍රී ලංකාවද, තරග 13ක් නවසීලන්තයද ජයගෙන ඇත.
ඊට අමතරව තරග 2ක් ලකුණු සමවද, එක් තරගයක් විසඳුමක් නොමැතිවද අවසන් වී ඇත.
අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මෙරටදී පැවැත්වෙන්න 9වැනි විස්සයි20 තරගයයි.
ඉන්ද වැඩි ගෞරව හිමිකරගෙන සිටින නවසීලන්තය තරග 4ක් ජයගනිද්දී, ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිව ඇත්තේ තරග 2ක් පමණි.
කෙසේ නමුන් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 5කට පසුවය.
අවසන්වරට පැවැති එම තරගාවලියද තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත්ව සිටියි.