ක්‍රීඩා

ලංකාවට ෆීෆා තුළ සාමාජික හා ඡන්ද අයිතීන් අහිමි වෙයි

Published

on

අද (16) අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (ෆීෆා) කොංග්‍රසයේදී ශ්‍රී ලංකා පාපාන්දු සම්මේලනය අත්හිටුවීමට ෆීෆා කොංග්‍රස් සාමාජිකයන් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මේ සඳහා ඡන්ද 197ක් හිමිවී ඇත.

පසුගියදා පැවැති නිලවරණය නීති විරෝධී බවත්, පත්වූ නිලධාරී මණ්ඩලය පිළිනොගන්නා බවත් පවසමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමකට ලක් කර තිබුණි.

මේ අනුව, මෙම අත්හිටුවීම ඉවත්කිරීමට අවශ්‍ය වැඩකටයුතු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිදුනොකරන තෙක්, ෆීෆා කොංග්‍රසය තුළ සාමාජික අයිතීන් හා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වනු ඇත.

මේ අතර, සිම්බාබ්වේ පාපන්දු සම්මේලනයද අත්හිටුවීමට කොංග්‍රස් සාමාජිකයන් ඡන්ද 199ක් ලබාදී ඇත.

මෙම කොංග්‍රසය තුළ වසර 2027 තෙක් ෆීෆා හි සභාපතිවරයා ලෙස යළිත් Gianni Infantino මහතා තේරී පත්විය.

Trending

Exit mobile version