2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය දකුණු අප්‍රිකාවට එරෙහිව අද (07) පැවැත්වීමට නියමිතය.
දිල්ලිහිදී පැවැත්වෙන තරඟය අද මෙරට වේලාවෙන් සවස 2.00ට ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟ 80ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 45ක් දකුණු අප්‍රිකාව ජයගෙන තිබේ.
ශ්‍රී ලංකාව තරඟ 33ක් පමණ ජයගෙන තිබේ .
එක් තරඟයක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇති අතර තවත් තරඟයක් ලකුණු සම වීමෙන් අවසන් වී තිබේ.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් වරට පැවති තරඟ 5න් 3ක් දකුණු අප්‍රිකාව ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරඟ 2ක් ජයගෙන ඇත.