Connect with us

ක්‍රීඩා

ලෝක කුසලානය 6වැනි වරටත් ඔස්ට්‍රේලියාවට

Published

on

ලෝක කුසලානය 6වැනි වරටත් ඔස්ට්‍රේලියාවටදකුණු අප්‍රිකාවේදී සත්කාරකයන් ලකුණු 19කින් පරාජය කරමින් ලෝක කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ (26) සමත් විය.

ඔස්ට්‍රේලියාව මෙම ලෝක ශූරතාව දිනාගත් 6 වැනි අවස්ථාව මෙය වන අතර, ඔවුන් අඛණ්ඩව ශූරතාව දිනුවේ තෙවැනි වරටය. 

මින් පෙර 2018 සහ 2020දී පිළිවෙළින් එංගලන්තය සහ ඉන්දියාව පරාජය කරමින් ශූරතාව දිනාගත් ඔස්ට්‍රේලියාව 2010, 2012 සහ 2014දී පිට පිට ලෝක ශූරතාව දිනා ගෙන තිබේ.

කේප් ටවුන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත් විය.

එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 137ක් පමණි.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බෙත් මූනි නම් කළ අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇෂ්ලි ගාඩ්නර් සම්මාන දිනා ගත්තාය.

ඔස්ට්‍රේලියාව – 156/6 (පන්දුවාර 20 කදී) 

බෙත් මූනි (නොදැවී) 74, ඇෂ්ලි ගාඩ්නර් 29, ෂබ්නිම් ඉස්මයිල් 26/2, මරිසාන් කප් 35/2

දකුණු අප්‍රිකාව – 137/6 (පන්දුවාර 20 කදී) 

ලෝරා වොල්වාට් 61, ක්ලෝයි ට්‍රයොන් 25

ක්‍රීඩා

වනිඳුට පළමු තරගය අහිමි වෙයිද?

Published

on

By

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

Continue Reading

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved