ලෝක කුසලානය 6වැනි වරටත් ඔස්ට්රේලියාවටදකුණු අප්‍රිකාවේදී සත්කාරකයන් ලකුණු 19කින් පරාජය කරමින් ලෝක කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ (26) සමත් විය.
ඔස්ට්‍රේලියාව මෙම ලෝක ශූරතාව දිනාගත් 6 වැනි අවස්ථාව මෙය වන අතර, ඔවුන් අඛණ්ඩව ශූරතාව දිනුවේ තෙවැනි වරටය.
මින් පෙර 2018 සහ 2020දී පිළිවෙළින් එංගලන්තය සහ ඉන්දියාව පරාජය කරමින් ශූරතාව දිනාගත් ඔස්ට්‍රේලියාව 2010, 2012 සහ 2014දී පිට පිට ලෝක ශූරතාව දිනා ගෙන තිබේ.
කේප් ටවුන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත් විය.
එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 137ක් පමණි.
අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බෙත් මූනි නම් කළ අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇෂ්ලි ගාඩ්නර් සම්මාන දිනා ගත්තාය.
ඔස්ට්‍රේලියාව – 156/6 (පන්දුවාර 20 කදී)
බෙත් මූනි (නොදැවී) 74, ඇෂ්ලි ගාඩ්නර් 29, ෂබ්නිම් ඉස්මයිල් 26/2, මරිසාන් කප් 35/2
දකුණු අප්‍රිකාව – 137/6 (පන්දුවාර 20 කදී)
ලෝරා වොල්වාට් 61, ක්ලෝයි ට්‍රයොන් 25