ක්‍රීඩා

ලෝක කුසලාන ස්ටිකර් ඇල්බමය බ්‍රේල් වලට හරවන සෙබැස්තියන් (වීඩියෝ)

Published

on

කටාර් හි දී පැවැත්වෙන වසර 2022 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව නිකුත් කර ඇති ස්ටිකර් ඇල්බමය බ්‍රේල් වලට හරවන දරුවෙකු වෙනසුවේලාවෙන් වාර්තා වේ.

සෙබස්තියන් ෆිලෝරමෝ නම් මෙම 12 හැවිරිදි දරුවා, දෘෂ්ඨි ආබාධ සහිත දරුවෙකු වන අතර, ඔහු සිය යතුරු ලියනයෙන් ටේප් මත බ්‍රේල් සටහන් යොදාසිය පියාගේ සහය සහිතව එම ටේප් පටි ඇල්බමයේ අලවයි.

කෙසේවෙතත්, සෙබස්තියන් පවසන්නේ සිය ඇල්බමය සම්පූර්ණ කිරීමට තවත් බොහෝ ස්ටිකර අවශ්‍ය බවයි.

කටාර් ලෝක කුසලානය නොවැම්බර් 20දා ආරම්භ වේ.

(වීඩියෝ : බීබීසී)

Trending

Exit mobile version