ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරුවෙකු වන භාරත් අරුන් දින 14ක විශේෂ පුහුණු සැසියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක් වී තිබේ.
මෙම පුහුණු සැසිය අද (02) සිට එළඹෙන 16 වැනිදා පැවැත්වීමට නියමිත ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ ආරාධනයක් මත ඔහු මෙම පුහුණු සැසිය සඳහා එක්ව ඇති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ සංචිතවල ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීම අපේක්ෂා කරනු ලබයි.
ඔහු මෙහි රැඳී සිටින කාලයේදී ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, කාන්තා ‘ඒ’ කණ්ඩායම, වයස අවුරුදු 19 න් පහළ පිරිමි කණ්ඩායම, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්, ක්‍රීඩා සමාජ සහ පළාත් පුහුණුකරුවන් මෙන්ම විශේෂඥ පුහුණුකරුවන් සමග ද කටයුතු කරනු ඇත.