Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට  වෙඩි තැබූ ත්‍රස්තයෙක් මරුට!

Published

on

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ පාකිස්තානයේ Dera Ismail Khan හිදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රස්ත ප්‍රහාර රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන ත්‍රස්තවාදියෙකු වූ බාලි ඛයාරා නමැති ත්‍රස්තවාදියෙකි.

ඔහු අල්කයිඩා සංවිධානයේ සහ Tehreek-e-Taliban ත්‍රස්ත සංවිධාන වල සාමාජිකයෙකි.

මේ අතර එරට ආරක්ෂක අංශ විසින් මීට පෙර නිවේදනය කර තිබුණේ බාලි ඛයාරා අල්ලාදෙනු ලබන තැනැත්තෙකුට පාකිස්තාන් රුපී මිලියන 10.5 ක ත්‍යාගයක් ලබාදෙන බවය.

ක්‍රීඩා

හෙට එක්දින තරඟයට වනිදු නැහැ

Published

on

By



නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියෙන් වනිදු හසරංග ඉවත්කර තිබේ.

ඔහු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වේ.

පෙරේදා නවසීලන්තය සමග පැවති දෙවන පන්දුවාර 20 තරඟයේදී වනිදු හසරංග ආබාධයට ලක්වීම ඊට හේතුවී තිබේ.

දෙරට අතර පන්දුවාර 20 තරඟාවලිය 1ට 1ක් ලෙස සම තත්වයෙන් අවසන් වූ අතර වනිදු හසරංග තරඟාවලියේ වීරයා සම්මානය හිමිකරගත්තේය.

Continue Reading

ක්‍රීඩා

ලංකාවට ලකුණූ 5ක පරාජයක් 

Published

on

By

දඹුල්ලේ දී ඊයේ (10) අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව තරගාවලි තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඊයේ තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ නම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි.

ලංකාව අවසන්වර නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන ඇත්තේ 2013 වසරේදීය.

එයද ශ්‍රී ලංකාවේදීමය.

ඒ හැරෙන්න එම තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත් වූ සෑම තරගාවලියක්ම (තරගාවලි 4) ජයගැනීමට සමත් වූයේ නවසීලන්තය යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 108ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 103ක් පමණි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – නවසීලන්ත T20 පළමු තරගය අද

Published

on

By

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දඹුල්ලේදී අද (09) පැවැත් වේ.

රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය ප.ව. 7ට ආරම්භවීමට නියමිතව ඇත.

දෙරට අතර මෙතෙක් තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 5ක ජය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්ව සිටී.

අවසන්වරට පැවැත්වූ තරගාවලි 4ම ජයගෙන ඇත්තේ නවසීලන්තයයි.

ශ්‍රී ලංකාවට මේ දක්වා ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගාවලියක් පමණක් වන අතර, තරගාවලි තුනක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.

එමෙන්ම මෙය දෙරට අතර පැවැත්වෙන්නේ 24වැනි විස්සයි20 ජාත්‍යන්තර තරගය මෙයයි.

මේ දක්වා පැවති තරග අතරින් තරග 7ක් ශ්‍රී ලංකාවද, තරග 13ක් නවසීලන්තයද ජයගෙන ඇත.

ඊට අමතරව තරග 2ක් ලකුණු සමවද, එක් තරගයක් විසඳුමක් නොමැතිවද අවසන් වී ඇත.

අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මෙරටදී  පැවැත්වෙන්න 9වැනි විස්සයි20 තරගයයි.

ඉන්ද වැඩි ගෞරව හිමිකරගෙන සිටින නවසීලන්තය තරග 4ක් ජයගනිද්දී, ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිව ඇත්තේ තරග 2ක් පමණි.

කෙසේ නමුන් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 5කට පසුවය.

අවසන්වරට පැවැති එම තරගාවලියද තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත්ව සිටියි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved