2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ පාකිස්තානයේ Dera Ismail Khan හිදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රස්ත ප්‍රහාර රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන ත්‍රස්තවාදියෙකු වූ බාලි ඛයාරා නමැති ත්‍රස්තවාදියෙකි.
ඔහු අල්කයිඩා සංවිධානයේ සහ Tehreek-e-Taliban ත්‍රස්ත සංවිධාන වල සාමාජිකයෙකි.
මේ අතර එරට ආරක්ෂක අංශ විසින් මීට පෙර නිවේදනය කර තිබුණේ බාලි ඛයාරා අල්ලාදෙනු ලබන තැනැත්තෙකුට පාකිස්තාන් රුපී මිලියන 10.5 ක ත්‍යාගයක් ලබාදෙන බවය.