ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අලුත් පුහුණුකරු ක්‍රිස් රොජර්ස්!

Published

on

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ක්‍රිස් රොජර්ස් මහතා පිළිබඳව වැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

ක්‍රිස් රොජර්ස් මහතා ඇතුළු විදේශ පුහුණුකරුවන් තිදෙනකු පිළිබඳව මේ වන විට අවධානය යොමුවී ඇති බවත් එම පුහුණුකරුවන් අතර තරුණම පුහුණුකරු ක්‍රිස් රොජර්ස් බවත් පැවසේ.

ක්‍රිස් රොජර්ස් මහතා මේ වන විට වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඒ මහතා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේවන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

හතලිස් හයවැනි වියේ පසුවන රොජර්ස් මහතා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල නියෝජනය කළ ආරම්භක පිතිකරුවකි. 

ඉන්දීය තරගාවලියට පෙර නව පුහුණුකරු බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමුකර ඇති බවද පැවසේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් සහ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන යන මහත්වරු පසුගිය සතියේ එම තනතුරුවලින් ඉල්ලා අස්වූහ. 

ශ්‍රී ලංකා පිලේ පන්දු රුකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන විදේශ පුහුණුකරුගේ සේවය පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එතරම් සතුටුදායක නොවන බව ද වාර්තා වේ. 

Trending

Exit mobile version