ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නවසීලන්තයට යයි!

Published

on

ටෙස්ට්, එක් දින සහ පන්දුවාර විස්සයි 20 තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය.

මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙක් ඇතුළත්ව සිටි බව වාර්තා වේ.

මෙම සංචාරයේදී ටෙස්ට් තරග 02 ක්, එක් දින තරග 03 ක් සහ පන්දුවාර විස්සයි 20 තරග 03 ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතය. 

මෙම ටෙස්ට් තරග 02 ක, ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග වන අතර එක්දින තරග, ක්‍රිකට් ලෝක කුසලාන තරග සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිතය. 

එසේම පන්දුවාර විස්සයි 20 තරග ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් ඉලක්ක කර පැවැත්වේ.

නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට පැවරී තිබේ.

මේ අතර, එක්දින හා පන්දුවාර විස්සයි 20 තරගවලදී ශ්‍රී ලංකා පිලට දසුන් ශානක ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පසුව එක්වීමට නියමිත බවද පැවසේ.

Trending

Exit mobile version