Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නවසීලන්තයට යයි!

Published

on

ටෙස්ට්, එක් දින සහ පන්දුවාර විස්සයි 20 තරග සංචාරයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය.

මේ තරගාවලිය සදහා ක්‍රීඩකයන් 17 දෙනෙක් සහ නිලධාරීන් 12 දෙනෙක් ඇතුළත්ව සිටි බව වාර්තා වේ.

මෙම සංචාරයේදී ටෙස්ට් තරග 02 ක්, එක් දින තරග 03 ක් සහ පන්දුවාර විස්සයි 20 තරග 03 ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිතය. 

මෙම ටෙස්ට් තරග 02 ක, ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන තරග වන අතර එක්දින තරග, ක්‍රිකට් ලෝක කුසලාන තරග සදහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වීමට නියමිතය. 

එසේම පන්දුවාර විස්සයි 20 තරග ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් ඉලක්ක කර පැවැත්වේ.

නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට පැවරී තිබේ.

මේ අතර, එක්දින හා පන්දුවාර විස්සයි 20 තරගවලදී ශ්‍රී ලංකා පිලට දසුන් ශානක ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පසුව එක්වීමට නියමිත බවද පැවසේ.

ක්‍රීඩා

ජාතික තේරීම් කමිටුව පත්කරයි

Published

on

By

ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබේ.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම පත් කිරීම සිදුකර ඇත.

එහිදී ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශ මහත්මිය පත් කිරීමටද පියවර ගෙන තිබේ.

එම කමිටු නිලධාරීන් පහතින්

01. ශ්‍රියානි කුලවංශ – (සභාපති  – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව)
02. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ  – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )
03. මේජර් රාජිත සමරසේකර –  (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)
04.  කමල්  ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී  –  ක්‍රීඩා අමාත්‍යංශය )
05. රුවන් පෙරේරා   – (පාසල්  ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ – සසෙක්ස් විදුහල)
06. ජයමිනි ඉලෙපෙරුම – (විශ්‍රාමික බැංකු නිළධාරීනී – හැටන් නැෂනල් බැංකුව )
07. සුරේෂ් සුබ්‍රමනියම් –   (සභාපති – ජාතික ඔලිම්පික් කමිටුව)
08. අනුරාධා ඉලෙපෙරුම –   (අතිරේක ලේකම් – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය)

Continue Reading

ක්‍රීඩා

චීනයෙන් ලංකාවට මකර බෝට්ටු 5ක් (ඡායා)

Published

on

By

චීනය විසින් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කර තිබේ.

මෙම ප්‍රදානය කිරීම පසුගිය 31 වැනිදා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය අතරතුරදී සිදුවිය.

මෙරට චීන තානාපති කාර්යාලය හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම, මෙරට පවතින චීන වාණිජ මණ්ඩලය හා Sri Lanka Overseas Chinese Association විසිනි.

පාසැල් හා විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙන්ම ක්‍රීඩා සමාජ, ආරක්ෂක අංශ හා චීන කණ්ඩායම් ද මීට එක්විය. මොවුන් අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් කණ්ඩායම් 05ක් යාපනයෙන් ද එක්වීම සුවිශේෂී විය.

මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව දෙරට අතර මිත්‍රත්වය, සංස්කෘතිය හා සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොංග් මහතා පවසා සිටියේ මෙම ශූරතාවය, දෙරට අතර ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුවන් තවදුරටත් ගැඹුරු කිරීමටත් දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.

ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමයේ සභාපති – රියර් ඇඩ්මිරල් එච්.එන්.එස්. පෙරේරා මහතා පැවසූවේ මෙම අවස්ථාව සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලමක් බඳු බවයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති – චී ජන්හොංග් යන මහතුන් අතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමුණි.

පිරිමි හා කාන්තා විවෘත අංශ වල ජයග්‍රහණය ලැබීමට පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම් සමත් වූ අතර, කණිෂ්ට කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවූයේද විශාඛා විද්‍යාලයටයි.

මේ අතර, කණිෂ්ට පිරිමි අංශයේ ජය හිමිවූයේ යාපනයේ තම්පඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කණ්ඩායමටයි.

මාස්ටර්ස් කාන්තා අංශයේ ජය සීලෝං කණ්ඩායමටත්, මිශ්‍ර අංශයේ ජය සබරගමු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමටත් හිමිවිය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

ක්‍රීඩා

විශේෂ පුහුණු සැසියක් වෙනුවෙන්  භාරත් අරුන් ශ්‍රී ලංකාවට

Published

on

By

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරුවෙකු වන භාරත් අරුන් දින 14ක විශේෂ පුහුණු සැසියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක් වී තිබේ.

මෙම පුහුණු සැසිය අද (02) සිට එළඹෙන 16 වැනිදා පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ ආරාධනයක් මත ඔහු මෙම පුහුණු සැසිය සඳහා එක්ව ඇති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ සංචිතවල ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීම අපේක්ෂා කරනු ලබයි.

ඔහු මෙහි රැඳී සිටින කාලයේදී ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, කාන්තා ‘ඒ’ කණ්ඩායම, වයස අවුරුදු 19 න් පහළ පිරිමි කණ්ඩායම, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්, ක්‍රීඩා සමාජ සහ පළාත් පුහුණුකරුවන් මෙන්ම විශේෂඥ පුහුණුකරුවන් සමග ද කටයුතු කරනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved