ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
2023 වසරේ ජනවාරි 21දා FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබීය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාර ගැන සලකා බලා ඊයේ (27) මෙම තීරණය ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29දා පවත්වන බවට මෙරට ක්‍රීඩා බලධාරීන් පොරොන්දු වී ඇති අතර, එතෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති ලිපියේ වැඩිදුරටත් දැක්වේ.