හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා අද (14) නියෝගයක් නිකුත් කළේය.
ඒ සචිත්ර සේනානායකට එරෙහිව තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව විමර්ශන සිදු වන බැවිනි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව ගමන් තහනමක් පනවන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකුව ඩුබායි සිට දුරකථන මාර්ගයෙන් තරග පාවාදීමට පෙළඹවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇතැයි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත්, සචිත්ර මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.