ක්‍රීඩා

සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

Published

on

තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායක 25දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට අද (15) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පසුගිය 06දා නීතිඥයෙකු මාර්ගයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා පිළිබඳ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත භාරවීමෙන් අනතුරුව සචිත්‍ර සේනානායක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අද (15) දිනයේ ඔහුගේ නීතිඥයින් ඇප ඉල්ලා සිටි නමුත්, සැකකරුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ හැකි බවට පැමිණිල්ල කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සබැඳි පුවත්

සචිත්‍ර සේනානායක රිමාන්ඩ් (Update)


Trending

Exit mobile version