ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හෙට (11) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තෙවැනි සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලබාදී තිබේ.
ප්‍රේක්ෂකාගාරයේ සී හා ඩී කොටස්වල ඉහළ සහ පහළ ආසන (C&D Upper and Lower Stands) සිට නොමිලේ මෙම තරගය නැරඹිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.
මෙම ආසන වලට යාමට ඇති ප්‍රවේශ දොරටු පස්වරු 01ට විවෘත කිරීමට නියමිතය.