ක්‍රීඩා

එක්දින මහා ක්‍රිකට් තරග ජය ආනන්දයට

Published

on

කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර 47 වැනි සුලෝහිත සංග්‍රාම එක්දින මහා තරගයේ ජය හිමිකර ගැනීමට ආනන්ද විදුහල ඊයේ (17) කොළඹ සිංහල සමාජ ක්‍රීඩා පිටියේදී සමත්පැ විය.

නාලන්දය කඩුලු පහකින් පැරදූ ආන්දය පී. ද එස්. කුලරත්න අනුස්මරණ ශූරතාව දිනාගනු ලැබුවේ වසර 6කට පසුවය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්දා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 228ක් රැස් කරගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීකා කළ ආනන්ද කණ්ඩායම පන්දුවාර 43.5ක් අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළ‍ේය.

නාලන්දා ඉනිම වෙනුවෙන් සදෙව් සමරසිංහ ලකුණු 54ක් සහ සහන් ලිත්මින ලකුණු 46 බැගින් රැස් කළ අතර අශිංස නයිනායක, අයේශ් ශෂිමාල් සහ කෙනුල් ද සොයිසා කඩුලු 2 බැගින් දවාගත්හ. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ආනන්ද ඉනිමේදී කාංචන දි ලිවේරා ලකුණු 55ක් සහ නායක ඉරුත් ගිම්ෂාන් ලකුණු 42 බැගින් රැස් කරගත් අතර ආනන්ද කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය දිනද අතලගේ නොදැවී ලකුණු 70ක් රැස් කළේය.

තරගයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය කොළඹ ආනන්ද කණ්ඩායමේ රුවිෂාන් පෙරේරාට හිමි වූ අතර අයේශ් ශෂිමාල්ට තරගයේ හොඳම පන්දු යවන්නා සම්මානය හිමි විය. 

හොඳම පිතිකරු සම්මානය නාලන්දා විද්‍යාලයේ සදෙව් සමරසිංහට හිමි වූ අතර ආනන්ද විද්‍යාලයේ දිනද අතලගේට තරගයේ වීරයා සම්මානය හිමි විය.

Trending

Exit mobile version