ක්‍රීඩා

ප්‍රංශය පාපන්දු අවසන් වටයට සුදුසුකම් ලබයි

Published

on

ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය ජයගත් පසුගිය ශූරයින් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීය.

ඒ දෙවන අවසන් පූර්ව තරගය 2ට 0ක් ලෙස මොරොක්කෝව පරාජයට පත් කරමිනි.

ඒ අනුව එළඹෙන ඉරිදා (18) මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ප්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙනු ඇත.

ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 6වන වරටය.

මීට පෙර 5වරක් ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරගවල‍ට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයන් වී ඇති අතර තෙවරක් අනුශුරයින් වී තිබේ.

ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 4වන වරටය.

මීට පෙර තුන් වරක් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගවල‍ට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයන් වී ඇති අතර එක් වරක් අනුශුරයින් වී තිබේ.

Trending

Exit mobile version