ක්‍රීඩා

ලංකාවට තවත් පදක්කමක් !

Published

on

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (30) තවත් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

ඒ අද පස්වරුවේ පැවති මීටර 400 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්වට එක්වූ අයෝමාල් අකලංක විසිනි.

අයෝමාල් තත්පර 51.40ක දක්ෂතාවක් වාර්තා කරමින් එම පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඔහු අඹගමුව ජාතික පාසලේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.

මේ අතර ඊයේ පැවති  මීටර 800  බාලිකා ධාවන ඉසව්වේ අවසන් තරගයට එක් වූ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ කසුනි නිර්මලී වික්‍රමසිංහ එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුණි.

ඒ විනාඩි 2යි තත්පර 17.4ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

බාලක උස පැනීමේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නිලුපුල් පැහැසර එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය.

ඒ මීටර් 2.01ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

Trending

Exit mobile version