ක්‍රීඩා

ලෝක කුසලානයට යන දැල්පන්දු සංචිතය නම් කරයි; තර්ජනිත් ඒ අතර

Published

on

ලබන ජූලි 28 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හිදී ආරම්භ වීමට නියමිත දැල්පන්දු ලෝක ශූරතාව සඳහා සහභාගි වන 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතය ඊයේ (09) නම් කර තිබේ.

මෙම සංචිතයට සුපුරුදු පරිදි ආසියානු ශූරතාව දිනූ කණ්ඩායම් නායිකා ගයාන්ජලී අමරවංස සහ උප නායිකා දුලන්ගි වන්නිතිලක ඇතුළත්ව සිටී.

මේ අතර ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සිටින ප්‍රධානතම තුරුම්පුව වූ තර්ජනී සිවලිංගම් ද මෙවර ලෝක කුසලානයට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.

ඊට අමතරව යොවුන් ක්‍රීඩිකා මල්මි හෙට්ටිආරච්චි ද මෙම සංචිතයට කැඳවා තිබේ.

‘සී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව එම කාණ්ඩයෙන් සත්කාරක දකුණු අප්‍රිකාව, ජැමයිකාව සහ වේල්සය සමගින් තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය වශයෙන් තිලකා ජිනදාස මහත්මිය කටයුතු කරනු ලබයි.

නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය මෙසේය.
තිසාලා අල්ගම, සෙමිනි අල්විස්, ශානිකා පෙරේරා, හංසිමා දිසානායක, ඉමාෂා පෙරේරා, ගයාන්ජලී අමරවංස, රශ්මි පෙරේරා, රුක්ෂලා හපුආරච්චි, පාරමි කොඩිතුවක්කු, චමුදි වික්‍රමරත්න, දුලංගි වන්නිතිලක, මල්මි හෙට්ටිආරච්චි, තරුෂි නවෝද්‍යා, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, දුලාංජලී සුරවීර, ගයත්‍රී කෞෂල්‍යා, ඉෂානි මධුෂිකා, තර්ජනී සිවලිංගම්, භාෂිණි යෝෂිතා.

Trending

Exit mobile version