ක්‍රීඩා

ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළිදකී (වීඩියෝ)

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2023 ලෝක කුසලාන තරඟාවලියේ නිල තේමා ගීතය අද (20) එළිදක්වා තිබේ.

“X” පණිවුඩයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මේ බව දන්වා ඇත.

මිනිත්තු 03යි තත්පර 22ක් පුරා දිවෙන “දිල් ජෂන් බෝලේ” ලෙස නම් කර ඇති මෙම ගීතයේ වීඩියෝව සඳහා රංගනයෙන් දායකත්වය ලබාදී ඇත්තේ සුපිරි බොලිවුඩ් නළු රන්බීර් සිං විසිනි.

එම ගීතයේ සංගීත අධ්‍යක්ෂණය ඉන්දීය සංගීතඥයෙකු වන ප්‍රීතම් චක්‍රබොර්ති විසින් සිදුකර ඇති අතර ගායනය ප්‍රීතම් ඇතුළු පිරිස විසිනි.

එමෙන්ම ෂ්ලොක් ලාල් සහ සාවේරී වර්මා විසින් ගීතය රචනා කර ති‌‌බේ.

ලබන ඔක්තෝබර් මස 05දා සිට නොවැම්බර් මස 19දා දක්වා ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.  

Trending

Exit mobile version