සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් විය.
ඒ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 101ක් රැස් කරමිනි.
චමරි අතපත්තුට අමතරව එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවටද විශ්මි මේ සමග වාර්තා පොත් වලට එක් විය.
ඊට අමතරව, ඇය එක්දින ශතකයක් වාර්තා කළ ළාබාලතම ශ්‍රී ලාංකිකයා ද වේ.