ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් යුග දිවියට

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩයින් තිදෙනෙක් අද (28) යුගදිවියට පිවිස තිබේ.

එලෙස යුගදිවියට පිවිස ඇත්තේ, කසුන් රජිත, චරිත් අසංක සහ පැතුම් නිශ්ශංක යන ක්‍රීඩකයින්ය.

චරිත් අසලංක සහ පැතුම් නිශ්ෂංක අද දින විවාහ ගිවිසගෙන ඇති අතර කසුන් රාජිතගේ විවාහ මංගලෝත්සවය අද දින පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

මේ අතර, සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක් දින තරගාවලියේ අවසන් තරගය එළඹෙන බදාදා පැවැත්වීමට නියමිතව අතර එහි පළමු තරගයෙන් ලකුණු 60 ක ජයක් හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

දෙවැනි තරගය ඊයේ පැවැත්වුණු අතර වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළේය.

මේ වනවිට එක්දින ක්‍රිකට් තරගාවලිය 1-0 ලෙස ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් සිටින අතර යම් හෙයකින් තරගාවලියෙහි සියළු තරග ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේනම් එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලබනු ඇත.

Trending

Exit mobile version