ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රොඩ්නි ගිබ්ස් පත්කර තිබේ.
අත්දැකීම් බහුල ඔහු, නවසීලන්ත ඕල් බ්ලැක්ස් සත් සාමාජික කණ්ඩායමේ හිටපු සහකාර පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළ අයෙකි.
ශ්‍රී ලංකාව, දකුණූ කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලිය ලබන මස ආරම්භ වීමට නියමිතය.
එහි පළමු තරගය ජුනි 13 වනදා දකුණු කොරියාවට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය මෙරටදී පැවැත්වීමටයි නියමිතව ඇත.
2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ආසියානු රග්බි තරගාවලිය පැවැත්වේ.