Connect with us

ක්‍රීඩා

සුප්‍රිම් ටීවී, ලංකා ඉන්දියා මැච් Dialog හා PEO TV ග්‍රාහකයන්ට ‘නොමිලේ’ දෙයි

Published

on

වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට Dialog සහ PEO TV ඔස්සේ ක්‍රිකට් තරඟ නැරඹීමට මුදල් ගෙවීමට සිදු වුවද, ඉන්දිය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය විකාශය කිරීමේ අයිති ලබාගත් ‘Supreme TV’ විසින් එය එම ග්‍රාහකයන්ට නොමිලේ ලබාදීමට තීරණය කර තිබේ.

මීට පෙර ඩයලොග් ටීවී නරඹන්නෙකුගෙන් එම සමාගම ක්‍රිකට් තරගයක් නැරඹීමට රුපියල් 173ක් අය කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට ඩයලොග් රූපවාහිනිය ඔස්සේ තරගයක් නැරඹීමට ගෙවන්න සිදුවූ මුදල පමණක් මිලියන 200ක් හෝ ඊට වැඩිය.

ජනවාරි 3 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියට විස්සයි 20 සහ එක්දින තරග තුන බැගින් ඇතුළත්ව ඇත.

ඒ අනුව ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය Dialog TV (Channel 20), PEO TV (Channel 140) සහ Freesat (Channel 17) ඔස්සේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව උදා වේ.

ඔබේ රූපවාහිනී යන්ත්‍රය UHF 47 (දිවයින පුරා) , UHF 49 (බටහිර), UHF 28 (දකුණු) , UHF 56 (සබරගමුව) හෙට (30) සිට UHF 32 (කරගහතැන්න) සුසර කිරීමෙන් ‘සුප්‍රීම් ටීවී’ නැරඹීමේ අවස්ථාව තිබේ.

ක්‍රීඩා

යුපුන් අද තරඟ බිමට

Published

on

By

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වේ.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර හෙට (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇත.

Continue Reading

ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ට තරඟ තහනමක්

Published

on

By

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙනි.

හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා ඇති බව සඳහන් ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,  කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බවය.

අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වුණි.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ලොක්කෙක්ට එරෙහිව අධි චෝදනා

Published

on

By

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් ඊයේ (17) පවසන ලදී.

රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමණාකාරවරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා කරමින් මෙම නඩු පවරා තිබුණි.

එම ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට උපුල් තරංග ක්‍රීඩකයාට බලපෑම් කිරීමට එරෙහිව කැන්ඩි සෑම් ආමි කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකාර යෝගි පටෙල්ට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ පැවරූ අධිචෝදනා නඩුවේ විභාගය ජූලි මස 08 දින ආරම්භ වීමට නියමිතය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved