වයස අවුරුදු 19න් පහළ T20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මලයාසියාවේදී ආරම්භ වේ.
කණ්ඩායම් 16ක් මෙවර තරගාවලියට එක්ව සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් මේ තරගාවලියේදී තරග වැදීමට නියමිතය.
එම කාණ්ඩයෙන් තරග කරන අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමයි.
තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග 6 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට සත්කාරක මලයාසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.