Connect with us

ක්‍රීඩා

ආසියානු කුසලානය ඉන්දියාවට : ශ්‍රී ලංකාවේ සිහිනය බොඳ වෙයි

Published

on

ශ්‍රී ලංකාව පරාජය කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශූරියන් බවට පත්වීමට ඉන්දියාව අද (15) සමත්විය.

තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනාගත් අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉන්දීය පන්දුයවන්නියන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 65කට සීමා කිරීමට සමත්විය.

නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 65ක් වන අතර තරඟය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 66කි.

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 71ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය වාර්තා කර තිබුණි.

ක්‍රීඩා

ශ්‍රී ලංකා හා අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර අවසන් තරගය අද

Published

on

By

අබුඩාබිහි පැවැත්වෙන ඒ කණ්ඩායම් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද ( 25 ) අබුඩාබි සයාඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත ඒ කණ්ඩායම තරග වදී.

මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ඇෆ්ගනිස්තානු ක්‍රිකට් මණ්ඩලය විසිනි.

එහෙත් මූලික වටයේදී අයර්ලන්ත ඒ පිලට පැරදීම නිසා ඇෆ්ගන් ඒ පිලට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

මූලික වටයේ තරග හතරම පහසුවෙන් ජයග්‍රහණය කළ සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙම තරගාවලියේ ශූරතාව දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Continue Reading

ක්‍රීඩා

17 වන වරටත් ලෝක ශූරයා වූ ජෝන් සීනා

Published

on

By

ලෝක ප්‍රකට මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනා,  WWE WrestleMania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූර කෝඩි රෝඩ්ස් පරාජය කරමින් 17 වැනි වරට ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය තුළින් WWE ලෝක ශූරතාවය වැඩිම වාර ගණනක් දිනූ ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමට ඔහුට හැකි විය.

මීට පෙර ඔහු, රික් ෆ්ලෙයර් සමඟ 16 වර ලෝක ශූරතාවය දිනා සම වාර්තාවක් තබා තිබුණි.

මෙම ජයග්‍රහණය විශේෂත්වයක් ගන්නේ එය සීනාගේ සමුගැනීමේ චාරිකාවේ කොටසක් වන බැවිනි.

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය

Published

on

By

සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය.

තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විනාඩි 2.14.25ක කාලයක් වාර්තා කළහ.

මෙය ශ්‍රී ලංකා නව යොවුන් වාර්තාවක් ලෙසද සටහන් විය.

මෙහි රන් පදක්කම විනාඩි 2.11.11කින් තරගය අවසන් කළ චීනය විසින් දිනාගත්තේය.

විනාඩි 2.15.00කින් සිය ඉසව්ව අවසන් කළ තායිලන්තයට මෙහි ලෝකඩ පදක්කම හිමිවිය.

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් සිව් දිනක් පුරා කටීෆ් හි පැවති මෙම තරගාවලිය ඊයේ (18) අවසන් විය.

එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනාගැනීමට සමත්විය.

ඒ අනුව තරගාවලියට සහභාගි වූ රටවල් රැසක් අතරින් අවම ලෝකඩ පදක්කමක් හෝ දිනූ රටවල් 19ක් අතරින් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 9වන ස්ථානය හිමිවිය.

මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියක දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවද වෙයි.

අවසන්වරට මෙම තරගාවලිය පැවැත් වූ 2023 වසරේදී ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකිව ඇත්තේ රිදී 2ක් හා ලෝකඩ 2ක් සමගින් පදක්කම් 4ක් පමණි.

රන් 19ක්, රිදී 12ක් හා ලෝකඩ 5ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගත් අතර, ජපානයට එහි දෙවන ස්ථානය හිමිවිය. ඔවුන් රන් 3ක්, රිදී 3ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

සත්කාරක සෞදි අරාබිය මෙහි තෙවන ස්ථානයට පත්වූයේ රන් 3ක්, රිදී පදක්කමක් හා ලෝකඩ 2ක් දිනාගනිමින්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved