ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.
ඒ පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට මෙම තරඟාවලිය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඊයේ (18) පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ UAE කණ්ඩායමට එරෙහි තරගයේ දී ඔහු ආබාධයකට ලක්විය.