ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) ප්‍රකාශයට පත් කරන ලදී.
ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එම කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ.
එමෙන්ම ඔහු සමගින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
ඒ අනුව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම සංචිතයේ අංක 3 පිතිකරු ලෙස නම්කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් මෙම කණ්ඩායමේද කඩුලු රකින්නා ලෙස තෝරාගෙන තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
ඔහුට අංක 4 ස්ථානය හිමිව තිබේ.
මෙම කණ්ඩායමේ සිටින අනෙක් ක්‍රීඩකයා වන තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අංක 8 ස්ථානයට නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත.