ක්‍රීඩා

ICC එක්දින ශ්‍රේණිගත කිරිම් වල පළමු තැන මොහොමඩ් සිරාජ්ට

Published

on

ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිමේ පෙරමුණ ගැනීමට ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සමත්ව ඇත.

නිමාවු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී දැක්වූ දක්ෂතා මත මොහොමඩ් සිරාජ් ස්ථාන 08ක් පසුකරමින් මෙලෙස පළමු ස්ථානයට පැමිණ ඇත.

 ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 21 කට කඩුලු 6ක් බිද හෙළීමට මොහු සමත් විය.

ICC එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී දෙවන ස්ථානය ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Josh Hazlewood ට හිමි වි ඇති අතර එහි තෙවන ස්ථානය නවසීලන්ත ක්‍රීඩක Trent Boult හට හිමි වි ඇත.

Trending

Exit mobile version