ක්‍රීඩා

ICC කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව සයවැනි තැනට

Published

on

ICC කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සයවැනි ස්ථානයට පත් ව තිබේ.

ඒ එක්දින තරග 21කට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 1765ක් ලබා ගනිමිනි.

මෙම ලැයිස්තුවේ පළමු තැන හිමි ව ඇත්තේ, ඔස්ට්‍රෙලියානු කාන්තා කණ්ඩායමටය.

දෙවැනි ස්ථානය එංගලන්තයටත් තෙවැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමටත් හිමි ව තිබේ.

මීට අමතර ව කාන්තා එක්දින ක්‍රිකට් පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල සිදු කර ඇති නවතම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ස්ථාන දෙකකින් පහත වැටී ඇත.

ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකා බෙත් මූනි සහ ඇෂ් ගාර්ඩ්නර් දක්වන ලද කුසලතා හේතුවෙන් ඔවුන් පිළිවෙළින් ස්ථාන 07 හා 08 යන ස්ථානවලට පැමිණීම මීට හේතුව ලෙස දැක්වේ.

Trending

Exit mobile version