ක්‍රීඩා

සතියකට පසු IPL යළිත්? (Update)

Published

on

හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) පවසයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද අවදානම හේතුවෙන් මෙම තරගාවලිය අත්හිටුවීමට අද (9) හදිසි තීරණයක් ගෙන තිබුණි.

ඒ අනුව තරගාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් අදාළ බලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව දැනුම්දෙන බව BCCI වැඩිදුරටත් පවසයි.

මේ අතර මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියද මෙම යුද අවදානම හේතුවෙන් අතරමග නතරකර තිබේ.

තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.


(පෙර පුවත 2025 මැයි 09 ප.ව.12:57)

IPL අත්හිටුවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Trending

Exit mobile version