2023 ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ (LPL) ක්රීඩක වෙන්දේසිය ජූනි 14දා කොළඹ ශැංග්රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
මේ, LPL තරගාවලියක් සඳහා පවත්වනු ලබන පළමු ක්රීඩක වෙන්දේසියයි.
ඒ සඳහා සහභාගී වන සියලු කණ්ඩායම් ඩොලර් 500,000ක් බැගින් යෙදවීමට නියමිත අතර, ඒ අනුව, කණ්ඩායම් පහේම ක්රීඩකයින් සඳහා ඩොලර් මිලියන 2.5ක් ආයෝජනය කෙරුනු ඇත.
මෙවර LPL තරගාවලිය ජූලි 30දා සිට අගෝස්තු 20දා දක්වා පැවැත්වේ.