ක්‍රීඩා

Tai Chi, Dragon Boat Racing ක්‍රීඩා මෙරට ස්ථාපිත කරන්න චීනයේ සහය

Published

on

චීන තානාපති චී ජන්හොං මහතා හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්විණි. 

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ද සහභාගී විය.

වත්මන් රජයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය වරයාට සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාට සුබ පැතුම් එක්කල චීන තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය. 

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත්  මෙම හමුවේ දී වැඩිදුරටත් සාකච්ඡා විය.

තවදුරටත් අදහස් දක්වමින්  චීන තානාපති චී ජෙංහොංග් පැවසුවේ, ඉදිරියේ දී මෙරට Tai Chi සහ Dragon Boat Racing යන ක්‍රීඩා ස්ථාපිත කිරීම සහ සංවර්ධනය කිරීමට වෙනුවෙන් ද තම රජයේ සහයෝගය ලබා දෙන බව‍යි.

Trending

Exit mobile version