Connect with us

Uncategorized

හෙටින් පස්සෙ පාර්ලිමේන්තුව යළි රැස්වෙන්නේ 05දා

Published

on

හෙට (13) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු නව වසරේ පාර්ලිමේන්තුව යළි ජනවාරි 5 වැනිදා රැස්වීමට අද (12)  පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (12) පාර්ලිමේන්තුවේදී  රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව 2023 ජනවාරි 05, බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා  පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත සහ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ද පැවැත්වීමට ද තීරණ වූ බව මහලේකම්වරයා පැවසීය.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර පෙර තීරණය කළ පරිදි හෙට (13) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ක‍ාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

අනතුරුව පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සදහා වන යෝජනාව ද  ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා   වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීම සදහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට ද  මෙහිදී තීරණය වී ඇත.

ආංශික අධීක්ෂණ කාරකසභා වලට අවශ්‍ය තරුණ නියෝජිතයන් තෝරා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ. ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන එක් එක් විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වයක් දක්වන තරුණ නියෝජිතයන්ගේ දත්ත බැංකුවක් සකස් කිරීමට අපේක්ෂා කරන බවද මහලේකම්වරයා පැවසීය. ඒ සදහා තරුණ ප්‍රජාවගෙන් අයදුම්පත් කැඳවීමට අදාළව පුවත් පත් දැන්වීම් අවශ්‍ය පරිවර්තන සම්පූර්ණ කොට පළ කිරීමට ද කාරක සභාවේදී එකඟත්වය පළවූ බවත් මහලේකම්වරයා පැවසීය. ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීමෙන් අනතුරුව එම දත්ත බැංකුවෙන් තරුණ නියෝජිතයන් අවශ්‍ය පරිදි කැඳවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Continue Reading

Uncategorized

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

Published

on

By

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පැමිණි මොටර් බෝට්ටුව ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා එම පිරිස ධීවර දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Continue Reading

Uncategorized

රංජන්ගේ මැම්බර් | 2025.01.12

Published

on

By

Continue Reading

Uncategorized

මහින්දානන්දගේ චණ්ඩි දේශපාලනය ඉවරයි

Published

on

By

කසළ ගොඩක් වී ඇති පාර්ලිමේන්තුව මහ මැතිවරණයේදී පවිත්‍ර කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ගම්පොළ – කුරුදුවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන හමුවක් ගම්පොළ – කුරුඳුවත්ත ප්‍රදේශයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ,

“මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී එක එක කතා කිය කිය ගියා. පුලුවන් නම් 200ක් එකතු කරලා පෙන්නන්න නාවලපිටියෙන් කියලා. කොහොමද අද? නාවලපිටියෙන් 200ක් එකතු කලා නෙවෙයි නාවලපිටිය අපි දින්නා. එයා දැනගන්න ඕනේ මේ පැත්ත බය කරගෙන මිනිස්සුන්ට තග් පාට් දාගෙන, චන්ඩි පාට් දාගෙන කරපු දේශපාලන සංස්තිය දැන් ඉවරයි. නොවැම්බර් 14 වෙනිදා අපි දියවන්නාව සුද්ද කරනවා.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved